අරියාලයි තරුණයාගේ ඝාතන සිද්ධිය – සැකකරුවන් යළි රිමාන්ඩ්

අරියාලයි මනියන්තෝට්ටම් ප්‍රදේශයේ තරුණයෙකු වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට පත්වීමේ සිද්ධියට සම්බන්‍ධ නඩුවේ සැකකරුවන් වන විශේෂ කාර්‍ය බළකායේ බුද්ධි අංශ නිලධාරින් දෙදෙනා ලබන ජනවාරි 22 වනදා දක්වා රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

පසුගිය ඔක්තෝම්බර් 22 වනදා අරියාලයි මනියම්තෝට්ටම් ප්‍රදේශයේදී දොන් බොස්කෝ නැමැති 24 හැවිරිදි තරුණයෙකු වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත්වුණි. සිද්ධිය සම්බන්‍ධයෙන් කොළඹ අපරාධ විමර්ශණ ඒකකය විසින් පරික්‍ෂණ කටයුතු සිඳු කෙරුණි. මෙම ඝාතන සිද්ධියට සම්බන්‍ධ යැයි සැකපිට විශේෂ කාර්‍ය බළකායේ බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගය මත රක්‍ෂිත බන්‍ධනාගා ගත කර තිබුණි.

සැකකරුවන් දෙදෙනා අද දින යාපනය මහේස්ත්‍රාත් සින්නතුරයි සදීස්වරන් ඉදිරියට ඉදිරිපත් කළ අවස්ථාවේ, සිද්ධිය සම්බන්‍ධ පරික්‍ෂණ කටයුතු තවඳුරටත් සිඳුකරන බව අපරාධ පරික්‍ෂණ නිලධාරින් අධිකරණය වෙත පවසා සිටියේය. අනතුරුව සැකකරුවන් ලබන 22 වනදා දක්වා යළි රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top