අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ අරගලයට දින 310යි..

යුද්දය පැවැති කාලයේ අතුරුදන්වූවන්ව සොයා දෙන ලෙස ඉල්ලා මුල්ලතිව් ජනතාව විසින් පවත්වාගෙන යන අරගලයට හෙටින් දින 310ක් අවසන් වේ.

දින 310ක් අවසන් වූ නමුත්, තම ඉල්ලීම සම්බන්‍ධයෙන් රජය මෙතෙක් නිසිලෙස අවධානය යොමු කර නැති බව එම ජනතාව පෙන්වා දී තිබේ. මුල්ලතිව් දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය අඛන්ඩව පවත්වාගෙන යමින් සිටිති.

මේ අතර, යාපනය, කිලිනොච්චිය, වව්නියාව හා මන්නාරම යන ප්‍රදේශවල ජනතාව ද සිය අරගලය පවත්වාගෙන යන අතර, එයට ද දින 300 ඉක්මවා ඇත.

මෙවැනි තත්වයකදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිලධාරින්, ජාත්‍යන්තර රාජ්‍ය නොවන ආයතනවල නිලධාරින්, ජාත්‍යන්තර මාධ්‍යවේදීන් යන විශාල පිරිසක් මෙම ජනතාව හමුවී සාකච්ඡා කළ ද මෙතෙක් කිසිඳු විසඳුමක් ලැබී නොමැති බව පෙන්වාදි තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top