අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්!

බැඳුම්කරය පිළිබඳ ජනාධිපති කොමිසම නිකුත් කර ඇති සම්පූර්ණ වාර්තාව ලැබුණු පසු එහි සඳහන් කරුණුද සැලකිල්ලට. ගෙන අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට බාරදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා ඊයේ (21) සඳහන් කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ‍පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

විශ්වාසභංග යෝජනාවට අපේ මන්ත්‍රීවරු අත්සන් කරලා ඉවරයි. නමුත් දැන් ප්‍රසිද්ධ කර තිබෙන බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ එහි මුල් පිටපතට වඩා පිටු සියයකට වඩා අඩුයි. ඒ පිටුවල සඳහන් කරුණු ගැන අපිට සැකයක් තිබෙනවා. ඒ නිසා කොමිසම ජනාධිපතිට බාර දුන් වාර්තාවේ නියම පිටපතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා. ඒ නියම වාර්තාවේ සඳහන් කරුණුද අධ්‍යයනය කර ඉතා ඉක්මනින් අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

මේ විශ්වාසභංග යෝජනාව මැතිවරණයට පෙර විවාදයට ගන්න කියලා අපි කථානායකවරයාගෙන් ඉල්ලනවා. එහෙම වුණොත් ශ්‍රීලනිප මන්ත්‍රීවරු හොරු ආරක්ෂා කරනවාද ඔවුන්ට විරුද්ධ වෙනවද කියලා ජනතාවට දැනගන්න පුළුවන් යැයිද ගුණවර්ධන මහතා කීවේය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top