රජයෙන් මුදල් ලබාගත් බව ඔප්පු කරන්න – ශ්‍රී දරන් පවසයි..

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් මුදල් ගත් බව කියන සිවශක්ති ආනන්දන්ට එය සාක්‍ෂි සහිත ඔප්පු කළ හැකි දැයි දෙමළ ජාතික සන්ධානය අභියෝග කර තිබේ.

තමන් හැර දෙමළ ජාතික සන්ධානයේ සෙසු පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන් සියළු දෙනා ආණ්ඩුවෙන් රුපියල් කෝටි දෙකක මුදලක් ලබාගත් බවට සිවශක්ති ආනන්දන් මහතා ප්‍රසිද්ධියේ පවසා ඇති අවස්ථාවක, දෙ.ජා.ස. පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා මෙලෙස අභියෝග කර තිබේ.

වව්නියා දී පසුගිය සෙනසුරා දින පැවැති උත්සවයකදී සිවශක්ති ආනන්දන් මහතා දෙ.ජා.ස. මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් රුපියල් කෝටි දෙකක මුදලක් ලබාගත් බවට ප්‍රසිද්ධියේ චෝදනා කර තිබුණි.

මෙවැනි තත්වයකදී ඊයේ දින කිලිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ දී පැවැති රැස්වීමකදී, ආණ්ඩුවෙන් දෙ.ජා.ස. මන්ත්‍රීවරුන් මුදල් ලබාගත් බව සිවශක්ති ආනන්දන්ට සාක්‍ෂි සහිත ඔප්පු කළ හැකි දැයි ශ්‍රී දරන් මහතා ප්‍රශ්ණ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top