පොහොට්ටුවේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම ඉවතට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මෙවර පළාත් පාලන ආයතන හතරක් සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්‍ෂේපවීම සම්බන්‍ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්‍ෂේප කර තිබේ.

පානදුර නගර සභාව, අගලවත්ත, මහියංගනය සහ තිරුප්පනේ ප්‍රාදේශිය සභා සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්‍ෂේපවීමට එරෙහිව එම පක්‍ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි.

අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය දී බුවනෙක අළුවිහාරේ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (23) කැඳවනු ලැබීය.

එහිදී පොදුජන පෙරමුණේ සහ රජයේ නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට ගැනීමට තරම් සුදුසු නීතිමය පදනමක් නොමැති බැවින් එය ප්‍රතික්‍ෂේප කරන බවට නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top