වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම වව්නියාවෙන් අරඹයි

2018 මහ කන්නය සදහා වී අස්වැන්න මිලදී ගැනීම අද (29) වව්නියාව, වෙප්පන්කුලම් වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ බව ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශය පවසයි.

වව්නියාව ,කිලිනොච්චිය, අම්පාර ,මඩකලපුව හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි වී අස්වැන්න වෙළඳපොලට එන අවස්ථාවයි මේ. සහල් වල මිලෙහි අඩුවීමක් දකින්නට නැතත් ගොවීන්ගෙන් මිලදී ගන්නා වී රුපියල් 27,28,29 වැනි ගණන් වලට ගිය නිසා රජයක් හැටියට වී ගොවියා ආරක්ෂා කර ගැනීම අපේ වගකීමයි. ඒ අය ආරක්ෂා කර ගන්න මේ මහ කන්නයේදී සම්බා වී කිලෝවක් රුපියල් 41 ක්ද නාඩු කිලෝවක් රුපියල් 38ක සහතික මිලක් ලබා දෙන්න කටයුතු කළා යැයි අමාත්‍ය පී.හැරිසන් මහතා මෙහිදී පැවසීය.

එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2000 ක් මිලදී ගැනීම රජයේ අපේක්ෂාවයි. නොකඩවා වී තොඟ මිලදී ගැනීම සදහා ගබඩා විවෘත කර තබන බවත් ඉදිරියේදී වව්නියාව දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 16 කත් කිලිනොච්චිය, මන්නාරම මඩකලපුව,අම්පාර, මුලතිව් හා අනෙකුත් දිස්ත්‍රික්කවල වී අස්වැන්න මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් සතියක් හෝ දෙකක් ඇතුළත මුදල් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top