විල්පත්තු නීති විරෝධී වන විනාශය – රිෂාද් සහ බැසිල්ට නොතීසි

ජනතාව පදිංචි කරන මුවාවෙන් විල්පත්තු වනාන්කරය විනාශ කරන බව සඳහන් කරමින් ඉදිරිපත් කොට ඇති පෙත්සමක් සළකා බැලූ අභියාචනාධිකරණය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහත්වරුන්ට ලබන 05 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නොතීසි බාර දෙන ලෙස පැමිණිලිකරුවන්ට නියෝග කෙළ්ය.

නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කොට ඇති පෙත්සමක් සළකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනසුරු ප්‍රීතී පද්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනසුරු මඩුල්ලක් විසින් අදාළ නියෝගය නිකුත් කරන ලදී.

ආරක්‍ෂක වන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශයක නීති විරෝධී ලෙස වනය විනාශ කරමින් එහි ගොඩනැගිළි ඉදිකිරීමෙන් පරිසරයට දැඩි හානියක් සිඳුව ඇති බවට ඉකුත් පෙත්සමෙන් පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top