ගජමුතු දෙකක් සහ හෙරොයින් ළග තබා ගෙන සිටි සැකකරුවෙකු ගාල්ල, නාගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු උනන්විටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළදසැළක සගවා තිබියදීයි ගජමුතු සොයා ගෙන තිබේ.
ඔහු සතුව තිබූ හෙරොයින් මිලි ග්‍රෑම් 2200ක් සහ පතොරම් ගැබැක්ද සොයාගෙන ඇති අතර, සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබේ.