බැඳුම්කර විවාදය සඳහා තවත් දින දෙකක්..

මහ බැංකු බැඳුම්කර හා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් වූ විවාදය හෙට(06) දිනට අමතරව තවත් දින දෙකක් පැවැත්වීමට කථානායකවරයා සමඟ පැවැති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව පල වී ඇත.

හෙට උදෑසන 10.30 සිට පස්වරු 04.00 දක්වා පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිතය.

එමෙන්ම පෙබරවාරි 20 වනදා සිට දින දෙකක් අනෙක් විවාදය පැවැත්වීමට පක්ෂනායක රැස්වීමේදී එකඟතාව පල වූ බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.

මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවූ අදාළ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් වූ ලේඛන හා ඇමුණුම් ද හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කථානායකවරයා එහිදී පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයාට දැනුම්දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top