අපවත්වීවදාළ අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (8) සිදු කෙරේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් උන්වහන්සේ කටයුතු කළ අතර ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අතිපුජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියෝ සංඝ පීතෘවරයකු ලෙස ශ්‍රී ලාංකික ජනතාවගේ උන්නතිය වෙනුවෙන් මඟ කියා දෙමින් යුග මෙහෙවරක්මෙ හෙවරක් ඉටු කළහ. සියලු ජාතීන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් සමාජය අවධි කළහ.
මේ අතර, අද දින පැවැත්වීමට නියමිත ආදාහන පූජෝත්සවය වෙනුවෙන් ප්‍රදේශයේ විශේෂ රථවහාන සැළැස්මක් ද ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.
ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර බෙල්ලන්විල රජමහාවිහාරයේ සිට ප.ව 1.00ට බොරලැස්ගමුව හන්දියේ සිට 120 මාර්ගයේ රත්තනපිටිය හන්දියට පැමිණ රත්තනපිටිය හන්දියෙන් විශ්වවිද්‍යාල මාවත ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ප්රවේශවීමට නියමිතය.
ආදාහන පෙරහැර හේතුවෙන් වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බැවින් මහජනතාව සහ රියදුරන් විසින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.
ආදාහන පූජෝත්සවයට පැමිණෙන වහන ආදාහන පෙරහැර විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළට පිවිසීමෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රධාන දොරටුවෙන් ඇතුළු කිරීම සිදු නොකරන අතර ඉන් පසු පැමිණෙන සියලු වාහන රත්තනපිටිය දෙල්කඳ මාර්ගයේ අන්දිරිස් මාවත ඔස්සේ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාපිටියේ පිහිටි රථගාල භාවිතා කළ හැකි බවද පොලීසිය කියයි.
Add Comment