ප්‍රවීණ සංගීතවේදී, ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හෘදයාධයක් හේතුවෙන් ශ්‍රි ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ අමරදේව මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
1927 දෙසැම්බර් 5 වනදා මොරටුවේදී උපත ලැබූ අමරදේව මහතා, අභාවප්‍රාප්ත වන විට 88 වැනි වියේ පසු විය. වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා ඔහුගේ මුල් නම වූ අතර, පසුව අමරදේව නම් ආරෝපිත නාමය මහචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් මහතා විසින් ඔහුට යොදනු ලැබූහ.
ඩබ්. ඩී. අමරදේව සූරීන් උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්ෂේත්රය පෝෂණය කළ ගෞරවණීය කලාකරුවෙකි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කරගනිමින් හෙතෙම හෙළ සංගීත ක්ෂේත්රයට අමිල සේවයක් ඉටු කළේය.
අමරදේව අධ්‍යාපනය ලැබුවේ ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙනි. ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. ඉන්පසු ඔහු කළුතර විද්‍යාලයටද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටද ඇතුළත් වුයේය.
පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි.එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, “ගවුමි සලාම්” නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සැළකොට සිටියේය.
– Global Tamil News : Sinhala
Add Comment