දඹගල්ල ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් 4කට තුවාල

දඹගල්ල ප්‍රදේශයේ මොණරාගල, සියඹලාන්ඩුව ප්‍රධාන මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරකින් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මොණරාගල සිට ඇතිමලේ දක්වා ගමන් කළ මොණරාගල ඩිපෝවට අයත් බස් රථයක් හා සියඹලාන්ඩුව දෙස සිට තංගල්ල බලා ධාවනය වූ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිඳුව ඇති අතර, අනතුරෙන් බස් රථයට හා ලොරි රථයට බරපතල හානි සිදුව තිබේ.

අනතුර සම්බන්ධයෙන් රියදුරන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top