අතුරුදන්වූවන්ගේ අරගලයට විසඳුමක් නැතිව වසරක් අවසන් වෙයි..

කිලිනොච්චිය දී පසුගිය 20-02-2017 දින ආරම්භ කළ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සත්‍යග්‍රහයට මෙතෙක් කිසිඳු විසඳුමක් ලැබී නැති අතර, එම අරගලයට තව දින හතරකින් වසරක් සම්පූර්ණවීමට නියමිතය.

අද (15) දින 361ක කාලයක් කිලිනොච්චිය කන්දසාමි කෝවිල අසල අඛණ්ඩව පවත්වාගෙන යන මෙම සත්‍යග්‍රහයට මෙලෙස වසරක් සම්පූර්ණවීමට නියමිතය. යුද්දයදී හා යුද්දය අවසන් වූ පසු හමුදාව වෙත භාරවූ සහ පැහැර ගැනීමට ලක්වීම ඇතුළු විවිද හේතු මත අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් තම ඥාතීන්ට යුක්තිය ඉල්ලා උතුර නැගෙනහිර දී අඛණ්ඩව උද්ඝෝෂණවල යෙදී සිටිති.

ඒ අනුව කිලිනොච්චිය දී ආරම්භ කළ සත්‍යග්‍රහයට 19-02-2018 දිනට වසරක් සම්පූර්ණ වන අතර, මෙතෙක් කිසිඳු යහපත් විසඳුමක් ලැබී නොමැති හෙයින් තම අරගලයෙහි ස්වරූපය වෙනස් කර ගැනීමට තීරණය කර ඇතැයි අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top