අඩුපාඩු හදාගත් ශක්තිමත් යහපාලන ආණ්ඩුවක් ඉදිරියටත් – රාජිත සේනාරත්න

ආණ්ඩුවේ තිබෙන අඩුපාඩු සාදාගෙන ඉදිරියට යාමට මෙවර මැතිවරණයෙන් ජනතාව පණිවුඩයක් ලබා දුන් බව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ මහතා ප්‍රකාශ කළේ ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කර නැති බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති අමාත්‍ය තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජාතික රජයේ යහපාලනය ප්‍රතිපත්තිය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළ ඒ මහතා යහපාලන ආණ්ඩුව මීටත් වඩා ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බව ද පෙන්වා දුන්නේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top