මෙක්සිකෝවේ ප්‍රබල භූකම්පනයක්

නිරතදිග මෙක්සිකෝවට අද උදෑසන ප්‍රබල භූකම්පනයකින් බලපෑම් එල්ලවුණා. භූකම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් පරිමාණ ඒකක 7.2ක් බවයි එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ නිලධාරීන් පවසන්නේ. භූකම්පනයෙන් ඔහාකා ප්‍රාන්තයේ ගොඩනැගිලි රැසකට හානි සිදුවුණා. ඒ අතරින් බහුතරයක් පෞරාණික ගොඩනැගිලි බවයි වාර්තා වන්නේ. ඔහාකා ප්‍රාන්තයේ ජනතාව ආරක්ෂිත ස්ථානකරා යොමු කිරීමට බලධාරීන් පියවර ගත්තා. භූකම්පනයෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ. සුනාමි අවධානමක් ද නොමැති බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top