කැලණි ගඟේ දියනෑමට ගිය තරුණයන් දෙදෙනෙකු අතුරුදන්

කැළණි ග‍ඟේ කොස්ගම අකරවිට තොටුපලේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

තරුණයින් තිදෙනෙකු ඊයේ (20) පස්වරුවේ අදාළ තොටුපලේ දියනෑම සඳහා ගොස් ඇති අතර ඉන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වේ. ප්‍රදේශවාසීන් පොලිසිය හා එක්ව ඔවුන්ව සෙවූවද රාත්‍රී වනතුරුම එම තරුණයින් සොයා ගැනිමට නොහැකි වූ බව පොලිසිය සඳහන් කරයි.

අවුරුදු 19 සහ 20 වයස් වල පසුවන කොස්ගම කහටපිටිය සහ කලුඅග්ගල සාලාව යන ප්‍රදේශවල පදිංචි තරුණයන් දෙදෙනෙකු මෙලෙස අතුරුදන්ව තිබේ. අතුරුදන් වූවන් සොයා නාවික හමුදාවේ ද සහය ඇතිව තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top