ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය සඳහා පියවර ගන්නවා – අගමැති

ranil-wickramasinghe_ci රනිල්අනාගත සමාජීය හා ආර්ථික අභියෝගයන්ට මුහුණදීම උදෙසා ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීම සඳහා පියවර ගනිමින් සිටින බවඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිදහස් වයිෆයි කලාප පිහිටුවීම, සරසවි සිසුන්ට ලැප්ටොප් මිලදීගැනීම සඳහා සහන පදනම මත ණය ලබාදීම සහ උසස් පෙළ සිසුන්ට නොමිලයේ ටැබ් පරිගණක ලබාදීම වැනි නවමු ප්‍රයත්නයන් ගණනාවක් දැනටමත් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.

හොංකොං ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන ශාලාවේදී අද (04දා) පෙරවරුවේ ආරම්භ වූ 15වැනි ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා – ශාන්තිකර සමුළුවේ සමාරම්භක උලෙළේ විශේෂ සැසියට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.

වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරමින්, අධ්‍යයන සහ වෘත්තීය ක්ෂේත්‍රවල නිපුණතා ඔප්නංවමින්, නැණවත් සමාජයක් බිහි කරලීම සඳහා ශ්‍රී ලංකාව තුළ වැදගත් ප්‍රතිසංස්කරණ ගණනාවක් ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් කීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top