SRILANKAN NEWS

නව කැබිනට් සංශෝධනයෙන් පත්වූ ඇමැතිවරුන් මෙන්න…

අද (25) දින සිදුකළ කැබිනට් සංශෝධනයෙන් අනතුරුව පත්වූ නව කැබිනට් මණ්ඩලය

නීතිය හා සාමය පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ. තවද ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙසද අග්‍රමාත්‍යවරයා කටයුතු කරනු ඇත.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කබීර් හෂීම් අමාත්‍යවරයාද, රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන අමාත්‍යවරයා ලෙස ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ද, පත්කර තිබේ.

රවීන්ද්‍ර සමරවික්‍රම මහතා වනජීවී හා තිරසාර සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියසේන ගමගේ මහතාත්, සාගල රත්නායක මහතායෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

බන්ධනාගාර හා පුනුරුත්තාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් පී. පෙරේරා මහතා ද, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ජේ.සී අලවතුවල මහතා ද, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස හර්ෂ ද සිල්වා මහතා ද පත් කර තිබේ.

මේ අතර, ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හරීන් ප්‍රනාන්දු මහතාට නව අමාත්‍යංශයක් එක් වී ඇති අතර ඒ අනුව විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසද ඒ මහතා කටයුතු කරනු ඇත.