SRILANKAN NEWS

ජාත්‍යන්තර වගවීමේ ක්‍රිමවේදයක් සඳහා වූ දෙමළ ක්‍රියාකාරි කණ්ඩායම

ජාත්‍යන්තර පරික්‍ෂණයක් අවශ්‍යයි – ජාත්‍යන්තර වගවීමේ ක්‍රිමවේදයක් අවධාරණය කර අත්සන් ව්‍යාපාරයක්!!

ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සහ ජාත්‍යන්තර වගවීමේ ක්‍රිමවේදයක් අවධාරණය කර ජාත්‍යන්තර වගවීමේ ක්‍රිමවේදයක් සඳහා වූ දෙමළ ක්‍රියාකාරි කණ්ඩායම විසින් අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා රජයට 2017 වසරේදී ලබාදුන් වසර දෙකක කල් අවකාශයෙන් වසරක් අවසන්වී නමුත් මෙතෙක් වගවීම සම්බන්‍ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති හෙයින් ඉතිරි වසරක කාලය ලබාදී කාලය නාස්ති නොකර ශ්‍රී ලංකා කටයුත්ත පිළිබඳව ජාත්‍යන්තර අපරාධ අධිකරණ බලය ලබාදීමේ තීරණය හෝ ජාත්‍යන්තර විශේෂ අපරාධ අධිකරණයක් පිහිටුවීමේ තීරණය එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය ගත යුතු යැයි පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර වගවීමේ ක්‍රිමවේදයක් සඳහා වූ දෙමළ ක්‍රියාකාරි කණ්ඩායම ඉල්ලා සිටින බව පවසා තිබේ.

එය අවධාරණය කර ජාත්‍යන්තර වගවීමේ ක්‍රිමවේදයක් සඳහා වූ දෙමළ ක්‍රියාකාරි කණ්ඩායම විසින් පීඩාවට පත්වූ දෙමළ ජනතාව සඳහා වූ යුක්තිය ලබා දෙන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. අද (26) දින සවස 4ට යාපනය බස් නැවතුම් පොල ඉදිරිපිට දී මෙම අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ආරම්භ කිරීමට එම කණ්ඩායම තීරණය කර තිබේ.