ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුවට සහභාගී වීම සඳහා අගමැති අද සිංහප්පූරුවට

කොළඹ කොටස් වෙළෙඳ පොළ සංවිධාන කරන ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව බලා අද පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් සිංගප්පූරුවේ ෆෝ සීසන් හෝටලයේ දී මෙම සමුළුව අනිද්දා පැවැත්වෙන්නේ කලාපීය ඉහළ පෙළේ ආයෝජකයින් රැසකගේ සහභාගීත්වය ඇතිවයි. එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, ස්විස්ටර්ලන්තය හා හොංකොං යන රටවලදී මෙම සමුළුව මීට පෙර පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම මෙම වසරේ අත්සන් තැබීමත් සමග දෙරටේ ආර්ථික හා වෙළෙඳ සබඳතා ද කැපී පෙනෙන වර්ධනයක් ඇති වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමට මෙම සමුළුව ඉවහල්වනු ඇති. සිංගප්පූරු වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය ඊශ්වරන්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුලු ආරාධිතයන් රැසක් සමුළුවට එක්වීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top