SRILANKAN NEWS

උතුරේ නායකයන් දකුණ ගැනත් සිතා බැලිය යුතුයි – රෙජිනෝල්ඩ් කුරේ

reginold-cooray රෙජිනෝල්ඩ් කුරේඋතුරේ දේශපාලන නායකයන් උතුරේ ප්‍රශ්න ගැන පමණක් නොව දකුණේ ප්‍රශ්න ගැනද කතා කළ යුතුයැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජීනෝල්ඩ් කුරේ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

බොහෝ දේශපාලන නායකයන් ජනතාව කොටවමින් ඉතාම ඉක්මනින් බලයට ඒමට උත්සහා කරන බවත්, අවසානයේදී එම ප්‍රශ්න වලින් දුක්විඳින්නේ අහිංසක ජනතාව පමණක් යැයිද ඒ මහතා පෙන්වා දී තිබේ.‍

මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා කියා සිටියේ උතුරේ ආවා ගෘප් මෙන් දකුණේද විවිධ පාතාල කල්ලි සිටින බවත් ඒවායේ අරමුණ එකම වී නම් පමණක් වෙනස් වී ඇති බවයි.

එමෙන්ම උතුරේ ආවා ගෘප් පිළිබඳව බොහෝ කතා බස් ඇති වී බවත් තමන්ටත් මේ පිළිබඳව විවිධ ආරංචි මාර්ග පැමිණි පසුව හමුදාව හා පොලීසය කැඳවා මේ තත්ත්වයන් පාලනය කිරීමට උපදෙස් ලබා දුන් බවද ඒ මහතා පවසයි.

උතුරේ නොව දකුණේ සිදු වන මෙවැනි සිදුවීම් පාලනය කිරීමට හැකි වී තිබේදැයි ඒ මහතා ප්‍රශ්න කර සිටියි.

එමෙන්ම උතුරේ සිදුවන විවිධ පාතාල ක්‍රියා හමුවේ දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා කියා සිටියේ තමාගේ දැනුමට අනුව මේ ක්‍රියාවන් පිටුපස හමුදාවේ කිසිම සම්බන්ධයක් නොමැති බවයි.

එමෙන්ම ඒ පිළිබඳව රාජිත සේනාරත්න මහතාට ප්‍රශ්නයක් තිබේනම් ඒ පිළිබඳව විවිධ ප්‍රකාශයන් මාධ්‍යට ඉදිරිපත් කිරීම නොව හමුදාව, පොලීසිය, අගමැති, ජනාධිපති යනාදී වගකිව යුතු පිරිස් දැනුවත් කර ඒ පිළිබඳව පරීක්ෂණ කළ යුතුව තිබූ බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

– Global Tamil News : Sinhala