දිගන ප්‍රචණ්ඩත්වයෙන් තරුණයෙකු ජිවිතක්‍ෂයට

දිගන ප්‍රදේශයේදී සිඳුවූ ප්‍රචණ්ඩත්වයේදී මැරයන් විසින් ගිනි තැබූ නිවසක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ. මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබෙන්නේ දිගන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අබ්දුල් බාසිත් නැමැති තරුණයෙකි.

ඊයේ (5) දින දිගන ඇතුළු ප්‍රදේශවල ඇතිවූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් තම දෙමව්පියන් සහ සහෝදරයාව ආරක්‍ෂිත ස්ථානයකට යැවූ නමුත් මෙම තරුණයාට මැරයන්ගෙන් බේරීමට නොහැකිවී ඇති අතර, මැර පිරිස විසින් එම තරුණයා නිවසේ සිටියදීම නිවසට ගිනි තබා ගොස් තිබේ. එහිදී නිවස තුල කොටුවූ එම තරුණයා ගින්නට අසුවී ජීවිතක්‍ෂයට පත්වී ඇති බව වාර්තාවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top