එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තාවේ. ලබන සිකුරාදා දින දිවයිනට පැමිණෙන ඔහු ලබන 11 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇති බවත්, එහිදී ජනාධිපති, අගමැති ඇතුළු නායකයන්, දේශපාලන හා සිවිල් සංවිධානවල නියෝජිතයන්ව ද හමුවීමට නියමිත බවද පැවැසේ.
තවද, දරුණු ප්රචණ්ඩත්වයක් පවතින නුවර ප්‍රදේශයට ද සංචාරය කිරීමට සැලසුම් කර ඇති ජෙෆ්රි මහතා, දැනට ශ්‍රී ලංකාව තුල පවතින ජාතිවාදී ප්රචණ්ඩ ක්‍රියාවන් කෙරෙහි වැඩි අවධානයකින් සිටින බවද පවසා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටීෆන් ටුජෝරික් මහතා මේ බව පවසා තිබේ. මෙම සංචාරය ශ්‍රී ලංකාව තුල හදිසි නීතිය පැනවීමට පෙර සැලසුම් කළ සංචාරයක් බවත්, ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දෙන සහාය පිළිබඳ සංචාරයක් බවද ස්ටීෆන් මහතා පවසා තිබේ.
ශ්‍රී ලංකාව තුල පවතින අසාමාන්‍ය තත්වය හා හදිසි නීතිය පනවා ඇති අවස්ථාවක එක්සත් ජාතීන්ගේ ඉහළ නිලධාරියෙකුගේ මෙම සංචාරය ඉතා වැදගත් වනු ඇති බව පැවැසේ.
Add Comment