SRILANKAN NEWS

අසත්‍ය කටකතාවලට නොරැවටී සන්සුන්ව සිටින්න – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අසත්‍ය කටකතාවලට නොරැවටී සන්සුන්ව සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. ටේ පවතින තත්ත්වය පිළිබඳ වි‍ශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

“මහනුවර දිස්ත්‍රික්කය පුරාම ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය හා පොලිසිය මේ වනකොට යොදවා තිබෙනවා.

ත්‍රිවිධ හමුදා ආරක්ෂක කටයුතු හා පොලිස් කටයුතු සම්බන්ධිකරණය සඳහා මධ්‍යම ප්‍රදේශය ආරක්ෂා සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මන් ඩයස් මහතා පත් කොට තිබෙනවා. ඒ වගේම මහජනතාව නොමඟ යවන වෛර පතුරන හා ජනතාව කුපිත කරවන අසත්‍ය ප්‍රකාශ මැඩ පැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය ජාලය තාවකාලිකව අවහිර කොට තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇඳිරිනීතිය පනවා ඇති බැවින් හා රටපුරා හදිසි නීතිය ද ක්‍රියාත්මක වන බැවින් සාමකාමීව කටයුතු කරන ලෙස මා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබේ ප්‍රදේශයේ වන නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා උපරිම සහයෝගය ලබාදෙන ලෙස සියළුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා..

රටේ අනෙකුත් ප්‍රදේශවල තත්වය සාමකාමී බව කියන්ට කැමතියි. බොරු ප්‍රචාරවලට නොරැවටී වගකීමේන් යුතුව කටයුතු කරන ලෙසට මා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලී මෙන්ම කොල්ලකෑම් ආදී නීතිවිරෝධී ක්‍රියාවලට නිරත වන පුද්ගලයන්ට හා කණ්ඩායම්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට රජය විසින් සෑම පියවරක්ම ගනු ලබන බව කියා සිටීමට කැමතියි…”