ආරක්‍ෂාව සම්බන්‍ධයෙන් කිසිදු බියක් ඇති කරගත යුතු නැහැ – ආරක්‍ෂක ලේකම්

ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සළසා තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයේ කරුණු පහැදිළි කිරීමට ඊයේ (7) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසිය.

අරක්ෂක අංශ මහනුවර ප්‍රදේශයේ යොදවා තිබෙනවා.ජනතාව අතර තැතිගැන්මක් ඇති වී තිබෙනවා. විශ්වාසයක් තබාගන්න. බිය වැද්දීම කිරීම නරකයි. ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සළසා තිබෙනවා.බිය වන්න එපා.

ආරක්ෂාවට පොලීසිය හා ආරක්ෂක අංශ සිටිනවා. ඇදිරි නීතිය අවසන් වූ පසු එදිනෙදා කටයුතු කළ හැකියි.ජනතාව බිය නොවී විශ්වාසයෙන් සිටින්න. අනවශ්‍ය දෙයකට හෝ අනුබල දීමකටවත් යන්න එපා. මහජනතාවට අපහසුතාවයක් ඇති නොවන ආකාරයට අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක කරගැනීමට හකි වන ලෙස අවශ්‍ය විධිවිධාන ලබාදී තිබෙනවා යැයි ද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top