අග්‍රාමාත්‍යවරයා මහනුවර ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මහනුවර ප්‍රදේශයේ නිරික්‍ෂණ චාරිකාවක නිරතව තිබේ. දිගන, අකුරණ සහ කෙන්ගල්ල යන ප්‍රදේශවල පසුගියදා ඇතිවු නොසන්සුන්කාරි තත්ත්වය පිලිබද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි තොරතුරු විමසා බලා තිබේ.

මේ වන විට එම ප්‍රදේශයේ ජනජීවිතය මුළුමනින්ම යථාතත්ත්වයට පත්ව ඇති අතර පවතින සාමකාමි වතාවරණය තවදුරටත් ආරක්ෂාකර ගත යුතු බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි අවධාරණය කර තිබේ.

අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර, රවුෆ් හකිම්, ඒ.එච්.එම් හලිම්, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, පොලිස්පති පුජිත ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top