WORLD NEWS

චීන ජනාධිපතිවරයාට ජීවිත කාලය පුරා බලයේ රැඳී සිටීමට නීතියෙන් අවසර

චීන ජනාධිපතිවරයාට ජීවිත කාලය මුළුල්ලේම බලයේ රැඳී සිටීමට හැකි වන පරිදි ඊයේ(11) පැවති චීන ජාතික මහජන කොංග්‍රසයේ රැස්වීමේ දී නීති සංශෝධනය කර තිබේ.

චීනයේ මීට පෙර පැවතුනේ ජනාධිපතිවරයෙකුට වාර දෙකක් පමණක් බලයේ සිටිය හැකි නීතියක් වන අතර, ඊයේ දින පැවැති චීන ජාතික මහජන කොංග්‍රසය රැස්වීමෙන් පසු ජනාධිපතිවරයාට බලයේ රැඳී සිටීම සඳහා තිබූ සීමාව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඉවත් කරන ලදි.

චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින් පින් මහතා 2023 වසරේ දී සිය දෙවන ධුර කාලය අවසන් කිරීමට නියමිතව තිබූ අතර, නව සංශෝධනය මඟින් ඔහුගේ දේශපාලන බලය තවත් ශක්තිමත් වන බව පැවැසේ.