රජයේ මිනුම්දෝරු සංගමය අද (14) සිට තෙදිනක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසයි.
මිනින්දෝරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කර විදේශයකට පැවරීමෙන් අති විශාල මූල්‍ය වංචාවක් සිදුවීමේ අවධානමක් පවතින බව පවසා එයට විරෝධය පළ කර අද සිට ඉදිරි දින තුනක් වැඩ වර්ජනය ක්රිියාත්මක කරන බව පවසා තිබේ.
මේ මස 16 වනදා කොළඹදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද සිදුකිරීමට තීරණය කර ඇති බව එම සංගමය වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment