ජනපති සහ ජපාන අගමැති අතර සාකච්ඡා හමුවක්…

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුව ඊයේ (14) පස්වරුවේ පැවැත්විණි.

ටෝකියෝ නුවර පිහිටි ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත අද පස්වරුවේ ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව අගමැති ෂින්සෝ අබේ මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව හමුදා උත්තමාචාර සහිත නිල පිළිගැනීමේ උත්සවය ඉතා අභිමානවත් අයුරින් පැවැත්වුණේ දෙරටේ බැදීම මැනවින් විදහා දක්වමිනි.

නිල පිළිගැනීමේ උත්සවය අවසානයේ නායක දෙපළ සුහද කතා බහකට එක්වූ අතර ඉන් අනතුරුව රාජ්‍ය නායක දෙළ අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ඇරඹිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top