වැලිගම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම කප්පරතොට ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ටිපර් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිඳුවූ මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා ජීවිතක්‍ෂයට පත්ව තිබේ. මිය ගිය පුද්ගලයන් ත්මලාන සහ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, වැලිගම පොලීසිය විසින් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top