ආවා ගෘෘප් අතර හමුදාවට සම්බන්‍ධයන් නැහැ – රුවන් විජේවර්ධන

child-laugh සිනහවඋතුරු පළාතේ ක්‍රියාත්මක “ආවා” නැමැති කල්ලිය හා දේශපාලන හෝ හමුදා සාමාජිකයන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අවධාරණය කර සිටියි.

රටේ විවිධ පිරිස් විසින් ආවා කල්ලියට හා හමුදාවට සම්බන්‍ධයක් ඇති බවට එල්ලකරන චෝදනාවල කිසිඳු පදනමක් නොමැති බව අමාත්‍යවරයා පවසා තිබේ.

ඊයේ (05) බියගම, කැලණිතිස්ස මහා විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටි අතර, අදාළ කල්ලියේ සාමාජිකයින් මේ වන විට ආරක්ෂක අංශ විසින් හදුනාගෙන ඇති බවත් ඉදිරි කාලය තුළ එම කණ්ඩායම නීතියේ රැහැනය අසු කරගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top