නිදහස් කුසලාන 20-20 අවසන් තරඟයට බංගලදේශය සුදුසුකම් ලබයි..

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (16) දින පැවැති හය වෙනි තරඟයෙන් කඩුලු දෙකක ජයක් ලබා ගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව හා බංගලදේශය අතර පැවැති තරඟයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 159 ක් ලබාගත්තේය. බංග්ලාදේශ කණ්ඩායම ඕවර 19.5 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 160 ක් ලබාගෙන ජය වාර්තා කළේය.

තරගාවලියේ අවසන් මහ තරගය බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ලබන ඉරිදා (18 වැනිදා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top