GSP+ යළි ලබා ගැනීම සඳහා ජර්මනිය සහාය

8397ba1e00042a4aa1bd260615f2d91f_xlGSP+ සහනය යළි ලබා ගැනීමේ ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබා දෙන බව ජර්මනියේ නියෝජ්‍ය චාන්සලර් සිග්මා ගේබ්රියල් මහතා පවසා තිබේ.

පසුගිය දා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස සමග පැවැති ද්විපාර්ශවික සාකච්ඡාවදී ගේබ්රියල් මහතා මේ බව පවසා තිබේ.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සිදු වූ ආණ්ඩු පෙරළියෙන් පසු රට යළි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට අවතීර්ණ වී ඇති බවත්, පැරණි සබඳකම් ශක්තිමත් කරගනිමින් හැකි සෑම සහයයක්ම ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ජර්මනිය ක්‍රියා කරන බවද හෙතෙම පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික සැලසුම් පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ නියෝජ්‍ය චාන්සලර්වරයා අධ්‍යාපන, ආර්ථික සහ ආයෝජන යන ක්ෂේත්‍රයන් තුළ ශ්‍රී ලංකාවට සහය ලබා දීම සඳහා ඉදිරිපත් වීමට ජර්මනිය කැමැත්තෙන් සිටින බව ද වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top