SRILANKAN NEWS

මුදල් ඇමැති සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා අතර හමුවක්..

748f5212d6fdf18c20ca634f689836f7_xlශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් (Bryce Hutchesson) මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර සාකච්ඡා හමුවක් පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සේ ම දෙරට අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය සම්බන්ධයෙන් මෙහෙදී කරුණු සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය තවදුරටත් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට සූදානම් බව මහ කොමසාරිස්වරයා එහි දී පවසා තිබේ.

ශ්‍රී ලංකාව දීර්ඝ කාලීන සංවර්ධන ගමනකට අවතීර්ණ වී ඇති බවත්, ඒ සඳහා ජාත්‍යන්තර සහය නිරන්තරයෙන් හිමි වන බවත්, ඕස්ට්‍රෙලියාව වැනි දියුණු රාජ්‍යයක් දක්වන සහය අතිශය අගය කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි දී පෙන්වාදී තිබේ.