දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ධුරය සදහා අපේක්ෂකයෙකු පත්කරගැනීම වෙනුවෙන් පවත්වන ලද ජන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.
සුනේත්‍රා රණසිංහ මහත්මිය එක්සත් ජාතික පක්ෂයෙන් එම ජන්දයට ඉදිරිපත්වූ අතර ඇය ඡන්ද 21 ක් ද ස්ටැන්ලි ඩයස් මහතා ඡන්ද 23 ක් ද ලබාගෙන ඇත.
2018 පළාත් පාලන ඡන්ද විමසීමේදී දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව ඡන්ද 36,985 ක් ලබාගනිමින් ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂයයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ඡන්ද 36,029 ක් ලබාගැනීමට සමත් විය.