ස්ටීවන් ස්මිත් හා ඩේවිඩ් වෝනර්ට වසරක තරග තහනමක්

දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට සහ උපනායක ඩේවිඩ් වෝනර්ට මාස දොළහක ක්‍රිකට් තරග තහනමක් නිකුත් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනයේදී මෙම දෙදෙනා පන්දුව පළුදු කරන ආකාරය වීඩියෝ දර්ශනවලින් තහවුරු වී තිබේ.

මේ සම්බන්‍ධයෙන් ඩේවිඩ් වෝනර්ට හා ස්ටීවන්ස් ස්මිත්ට සම්පූර්ණ තරග ගාස්තුවම කපා හැරීමට ද කැම්රන්ට තරග ගාස්තුවෙන් සියයට 75 ක් කපා හැරීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙන අතර, දකුණු අප්‍රිකානු තරගාවලිය අතරතුර ස්ටීවන් ස්මිත්, වොන්ර් සහ බැන්ක්‍රොෆ්ට් ඊයේ දිනයේදී නැවත කැඳවනු ලැබීය. මෙම පන්දුව පළුදු කිරීමේ වරදට දායක වූ කැමරන් බැන්ක්‍රොෆ්ට් හට මාස 9ක කාලයක ක්‍රිකට් තහනමක් පනවා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top