මුස්ලිම් කොංග්‍රසය හා අගමැති අතර හමුවක්

ශ්‍රී ලකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා හමුවක් හෙට (01) පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මෙහිදි දෙපාර්ශවය සාකච්ඡා පවත්වනු ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.

මේ අතර, දෙමළ ජාතික සන්ධානය ද ලබන 2 හෝ 3 වනදා අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව මාවයි සේනාදිරාජා මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top