තිහාරියේ වෙළඳසැලක ගින්නක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ තිහාරිය, මල්වත්ත ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක අද (1) අළුයම ඇතිවූ ගින්නකින් වෙළඳසැල සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබේ. එම වෙළඳසැල කල්එලිය ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් වෙළඳසැලක් බව පැවැසේ.

ගිනි නිවන ඒකකය විසින් ගින්න සම්පූර්ණයෙන් නිවා දමා ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත. කෙසේ නමුත් මෙය යම්කිසි පිරිසක් විසින් කළ කඩාකප්පල්කාරි ක්‍රියාවක් විය හැකි බවට ප්‍රදේශවාසීන් සැක පළකර තිබේ. පසුගිය මාසයේ සිට මුස්ලිම් ප්‍රජාවගේ වෙළඳසැල් ඉලක්ක කරමින් ජාතිවාදී මැර කල්ලිය විසින් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top