උදයංග වීරතුංගගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

udayanga-weeratunga-1 උදයංග වීරතුංගරුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග විසින් ශ්‍රේෂ්ධාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මිග් යානා ගනුදෙනුවක දී වංචා කළැයි කියන සිද්ධියක් ගැන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීමෙන් සහ සිය බැංකු ගිණුම් තහනම් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පෙත්සම ගොනු කරමින් සඳහන් කර තිබේ.

එම පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් සහ නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top