කරවෙට්ටි ප්‍රාදේශිය සභාව දෙමළ ජාතික සන්ධානය අත්පත් කරගෙන තිබේ. එහි සභාපතිවරයා ලෙස තංගවේලායුදම් අයියන්කරන් සහ උප සභාපති ලෙස කන්දර් පොන්නයියා ද තේරී පත්වූහ.
කරවෙට්ටි ප්‍රාදේශිය සභාවේ පළමු සැසිවාරය අද (3) දින පළාත් පාලන කොමසාරිස් පැට්‍රික් නිරන්චන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එහිදී සභාපති ධූරය සඳහා දෙ.ජා.ස. තංගවේලායුදම් අයියන්කරන්ව සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සදාසිවම් රාමනාදන්ව යෝජනා කළේය.
අනතුරුව පැවැති ඡන්ද විමසීමේ දී දෙ.ජා.ස. මන්ත්‍රීවරුන් 9 දෙනා සහ එ.ජා.ප. මන්ත්‍රීවරුන් 2 දෙනා අයියන්කරන්ට ඡන්දය ලබාදුන් අතර, ඊ.පී.ඩී.පී. මන්ත්‍රීවරුන් 3 දෙනා සහ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන් 7 දෙනා රාමනාදන්ට ඡන්දය ලබාදී තිබුණි. ඒ අනුව එක් ඡන්දයකින් අයියන්කරන් සභාපතිවරයා ලෙස තේරීපත්වූහ.