ආණ්ඩුව විශ්වාසභංගය ජයග්‍රහණය කළහොත් කුමන හේතුවක් නිසාවත් හවුල් ආණ්ඩුවකට නොයා අද මධ්‍යම රාත්‍රියෙන් පසු එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බව පුරවැසි සංවිධාන එකතුවේ දඹර අමිල හිමියෝ පවසයි.
යම් හෙයකින් ආණ්ඩුව මෙම විශ්වාසභංගය පරාජයට පත් වුවහොත් එක්සත් ජාතික පක්ෂයේ වෙනත් නායකත්වයකින් ආණ්ඩු පිහිටුවන්නට නොයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ හැරිය යුතු බවද ඒ හිමියන් පවසා තිබේ.
ඊයේ දින කොළඹ මරදාන සාමයික හා සමාජය කේන්ද්‍රයේදී පුරවැසි සංවිධාන එකතුව විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පවසා තිබේ.
ආණ්ඩුව ජයග්‍රහණය කළහොත් ජනවාරී 8 වැනිදා ලද ජනවරමට සාධාරණය ඉටු කිරීම සඳහා ඉතිරි වසර දෙකහමාරක කාලය තුළ කඩිනමින් හොරු ඇල්ලීමේ මෙහෙයුමක් දිවා රාත්‍රීයේ ක්‍රියාත්මක කැර ජනතාව නීතිය හා සාමය ආරක්ෂා කරන ලෙස කරන ලද ඉල්ලීම ඉටු කිරීමේ වැඩපිළිවෙළක් සෘජුව ආරම්භ කළ යුතු බව ද දඹර අමිල හිමියෝ ආණ්ඩුවට අවධාරණය කර තිබේ.
Add Comment