SPORTS SRILANKAN NEWS

අනූෂා කොඩිතුවක්කුට ලෝකඩ පදක්කමක්

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා බොක්සිං ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලබාගත් පලමු පදක්කම තමන් සතු කර ගැනීමට අනූෂා කොඩිතුවක්කු අද (11) දින සමත්වුණා.

ඒ අද පැවැති 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා බොක්සිං ඉසව්වෙන් අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවේ මේරී කොම් හමුවේ පරාජයට පත්වීම සමගයි.

එහිදී ලකුණු 10 ට 9 බැගින් තියුණු සටනක් ලබාදී ඇය පරාජයවීම විශේෂත්වයක්. මේ සමග ශ්‍රී ලංකාව රිදී පදක්කමක් ලෝකඩ පදක්කම් 3ක් සමග පසුවන්නේ 24 වන තැනයි.

ශ්‍රී ලංකාව බොක්සිං ඉසව්වකින් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනාගත්තේ වසර 68කට පසුව වීම ද විශේෂත්වයකි.