මැයි දිනයට පෙළපාලි නැහැ, මැයි රැලිය පමණක් පැවැත්වීමට එ.ජා.ප. තීරණය කරයි..

මෙවර මැයි දිනය නිමිත්තෙන් පෙළපාලි නොපවත්වා මැයි රැලියක් පමණක් පැවැත්වීමට එක්සත් ජාතික. පක්ෂය තීරණය කර තිබේ.

මැයි දින සැමරුම මැයි මස 7 දා තෙක් කල්තැබිම ඊට හේතුව බව එම පක්ෂය පවසයි.
වෙසක් සතිය මේ මස 29 දා සිට යෙදෙන බැවින් මැයි 1 දාට යෙදෙන මැයි දිනය මැයි මස 7 දා සැමරීමට රජය මීට පෙර තීරණයකට එළැඹී තිබිණි.

එබැවින් මැයි දින උණුසුම පහව යාමත් සමග පෙළපාලි පැවැත්වීම අනවශ්‍ය කාරණයක් වන බැවින් මෙවර මැයි දිනයේදී රැලිය පමණක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

මැයි රැලිය පැවැත්වෙන නිශ්චිත ස්ථානය සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවද එම පක්ෂය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top