මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ සඳහා මීටර් අනිවාර්ය කිරීම ලබන මැයි 20දා සිට ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා ප්‍රකාශ කරයි.
මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවලට මීටර් සවි කිරීම ගිය වසරේ අනිවාර්ය කළද ත්‍රීරෝද රථ හිමියන්ට මාස 06ක සහන කාලයක් ලබාදුන් බවත් පැවසන සභාපති වෛද්‍ය කෝදාගොඩ මහතා එම සහන කාලය අප්‍රේල් 01 වැනිදා අවසන් වුවද මීටර් සවි නොකළ ත්‍රිරෝද රථ සඳහා තවත් මාසයක පමණ සහන කාලයක් ලබාදී මැයි 20වැනිදා සිට මීටර් අනිවාර්ය කිරීමට බලාපොරොත්තුවන බවද ප්‍රකාශ කරයි.
මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා මීටර් අනිවාර්ය කළ පසු ත්‍රිරෝද රථයේ ගමන් කරන මගියාට රිසිට් පතක් නිකුත් කළයුතු බවද සභාපතිවරයා සඳහන් කරයි.
දැනට රට පුරා ත්‍රිරෝද රථ එකොළොස් ලක්ෂ පනස් දහසක් පමණ පවතින අතර ඉන් මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ සංඛ්‍යාව ලක්ෂ හතහමාරක් පමණවේ.