නිදහස් කළ වලිගාමම් උතුරු ප්‍රදේශයෙහි හමුදා කඳවුරු තුනක්..

හමුදාව විසින් ඊයේ දින නිදහස් කරන ලද යාපනය, වලිගාමම් උතුරු ප්‍රදේශයෙහි හමුදා කඳවුරු තුනක් ඉවත් නොකර ඇති බව ජනතාව පවසති. ඉඩම් අක්කර 683ක් නිදහස් කළ බවට ප්‍රකාශ කළ නමුත් මෙලෙස හමුදා කඳවුරු පවත්වාගෙන යෑම තුලින් සැබවින්ම සඳහන් කළ පරිදි ඉකුත් ඉඩම් ප්‍රමාණය නිදහස් කර ඇති දැයි සැකයක්ද පවතින බව ඔවුන් පවසා තිබේ.

තවද මීටර 150ක සෘජු මාර්ගය කටු කම්බි වැට බැඳ වසා දමා ඇති අතර, ඒ සඳහා පුද්ගලික ඉඩම් හරහා අතුරු මාර්ගයක් ද සකසා තිබේ. එම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයම මෙලෙස වසා දමා එය තුළ හමුදා කඳවුරු ද තිබීම සම්බන්‍ධයෙන් දිස්ත්‍රික්ක ලේකම්, ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරින් වෙත පැමිණිළි කළ බවද ප්‍රදේශවාසීන් පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top