SRILANKAN NEWS

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් අපි ඉවත් වෙනවා – වී. එස්. සිවකරන්

ප්‍රතිපත්ති මංකොල්ල කෑමෙන් අපි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සිට ඉවත් වන බව එම පක්‍ෂයේ සන්ධාන ගත පක්‍ෂයක් වන ප්‍රජාතන්ත්‍රික තමිලරසු පක්‍ෂයේ මහ ලේකම් වී.එස්. සිවකරන් පවසයි.

ඊයේ (17) දින සිවකරන් විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකදී මේ බව සඳහන් කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයට ප්‍රතිපත්තියක් නැහැ, ප්‍රජාතන්ත්‍රික භාවයක් නැහැ, කොන්දේසි රැහිතව ආණ්ඩුවට සහාය ලබාදීමේ දේශපාලනයක් කරනවා, ජනතාවගේ අපේක්‍ෂාවලට ගරු කරන්නේ නැහැ කියා චෝදනා රැසක් ඉදිරිපත් කරමින් දෙ.ජා.ස. ඉවත්වී දෙමළ ජාතික විමුක්ති පෙරමුණ පිහිටුවා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සූර්‍යා ලකුණ යටතේ පක්‍ෂ පහක් එක්වී ගිවිසුමක් යටතේ තරඟ කළෙමු.

පළාත් පාලන ආයතනවල කිසිවකුට සහාය ලබා නොදෙන බවට තීරණය කර තිබුණි. එයට පටහැනි ලෙස වව්නියාවේ දී ඊ.පී.ආර්.එල්.එෆ්. පක්‍ෂය කටයුතු කර තිබීම දේශපාලන අශිෂ්ට ක්‍රියාවකි. ප්‍රතිපත්තියක් නොමැතිව දෙ.ජා.ස. සන්ධාන ගත වෙනවා යැයි චෝදනා කරමින් එම කටයුත්තම අපිට සිඳු කළ හැකි ද? තනතුරු ලබා ගැනීම තමයි වැදගත් නම් මෙම පෙරමුණේ තවඳුරටත් අපි සිටිය යුත්තේ ඇයි? වව්නියාවේදී පොදු සතුරා වන ජාතික පක්‍ෂ සමඟ එක්වීම තරයෙන් හෙලදා දකින්නෙමු. එමෙන් ප්‍රතිපත්තියක් නොමැති මෙම සන්ධානයේද තවඳුරටත් කටයුතු කිරීමට නොහැකි බව තීරණය කර අද සිට මෙම පෙරමුණෙන් අපි නිල වශයෙන් ඉවත් වෙනවා යැයි සිවකරන් සිය නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.