SRILANKAN NEWS

ඉඩම් ලියාපදිංචි කරන්නැයි දැනුම් දෙයි..

වලිගාමම් උතුරු ප්‍රදේශයෙහි පසුගිය 13වනදා නිදහස් කරන ලද මයිලඩි කට්ටුවාන් මාර්ගයේ බටහිර ප්‍රදේශයේ පිහිටි (ජේ-240 තෙන්මලයි, ජේ 246 මයිලිඩි උතුර, ජේ-247 තයියිටි නැගෙනහිර) යන ග්‍රාම සේවා වසම්වලට අයත් ජනතාව තම ඉඩම් වහාම ලියාපදිංචි කර ගන්නා ලෙස තෙල්ලිපලයි ප්‍රාදේශීය ලේකම් සී. සිවශ්‍රී මහතා ඉල්ලා තිබේ.

ඉඩම් පිරිසිදු කිරීමේදී කපා දැමූ ගස් ඉවත් කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ අනුමැතිය ලබාගත යුතු බවත්, එය උල්ලංඝණය කරන අයට එරෙහිව පොලිසිය විසින් නීතිමය පියවර ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.