ඉරානය සම්බන්‍ධයෙන් ඇමරිකාව සහ ප්‍රංශය එකඟතාවයකට..

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් නව එකඟතාවකට පැමිණීමට ඇමරිකා එක්සත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සැරසෙයි.

ප්‍රංශ ජනාධිපති වරයාගේ අදහස වී ඇත්තේ ඉරානයේ මිසයිල පද්ධතිය හා මැදපෙරදිග ක්‍රියා කලාපය පාලනය සඳහා නව ගිවිසුමක් තිබිය යුතු බවයි.බැරැක් ඔබාමාගේ පාලන සමයේ ඉරානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කරන බවට ප්‍රකාශ කලද බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම නතර කිරීමේ ගිවිසුමට අත්සන් කෙරිණ.

කෙසේ වෙතත් ඉරානය ඇමරිකාවට ඊයේ දිනයේදී අනතුරු ඇඟවීමක් ද සිදුකළ අතර ඇමරිකාව මෙම ගනුදෙනුවෙන් ඉවත් වුවහොත් දරුණු ප්‍රතිවිපාක විදීමට සිදුවන බවට ඔවුන් ප්‍රකාශයක් නිකුත් කර තිබිණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top