SRILANKAN NEWS

කාලගුණය ගැන විමසිල්ලෙන් සිටින්නැයි ආපදා කලමණාකරන මධ්‍යස්ථානය දැනුම් දෙයි..

දිවයිනේ පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් හටගෙන තිබෙන අයහපත් කාලගුණික තත්වය පිළිබඳ විමසිලිමත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල, ගංගා ආශ්‍රිත ප්‍රදේශවල හා ජලාශ පහල ප්‍රදේශවල සිටින ජනතාව වඩාත් විමසිල්මත් වන ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

අධික වර්ශාවත් සමඟ පස් කඳු කඩා වැටීම්, නායයාම් සහ අකුණු අනතුරු සිදුවිය හැක.

117 දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක අතර සියලු දත්ත සමඟ විවෘත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.