SPORTS

2018 පාපන්දු ලෝක කුසලාන සමාරම්භය අද රුසියාවේ දී…

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රුසියාවේ දී අද (14) ආරම්භ වේ.

විශිෂ්ටතම පාපන්දු කණ්ඩායම් 32ක්, කාණ්ඩ 8ක් යටතේ මූලික වටයේ දී තරග වැදීම සිදු වේ. අද සිට ජූලි මස 15 වැනිදා දක්වා රුසියාවේ නගර 11ක ක්‍රීඩාංගණ 12කදී තරග පැවැත්වේ.

තරගාවලියට සහභාගී වන කණ්ඩායම් රැසක් මේවන විට රුසියාවට පැමිණ ඇත.

එංගලන්ත කණ්ඩායම ශානත් පීටර්ස් බර්ග් ගුවන් තොටුපොළින් පැමිණි අත, ඔවුන්ට හිමිවුණේ උණුසුම් පිළිගැනීමකි. ජී කාණ්ඩයෙන් තරග වදින එංගලන්තය , පළමු තරගයේ දී ටියුනීසියාවට එරෙහිව ලබන සඳුදා තරග වැදීමට නියමිතය.

පසුගිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගත් ජර්මන් කණ්ඩායම මෙවර ද විශිෂ්ට ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විතය. ඔවුන් පළමු තරගයේ දී ස්වීඩනයට එරෙහිව තරග වදින්නේ ලබන අඟහරුවාදා ය. දකුණු කොරියාව සහ මෙක්සිකෝව ද එම කාණ්ඩායට ඇතුළත්වේ.

අද පැවැත්වෙන සමාරම්ක උත්සවයෙන් පසු රුසියාව සහ සෞදි ආරබියාව අතර තරගයෙන් තරගාවලිය ආරම්භ වේ.